Tips From Davinci Blueprints - No: 01
Tips From Davinci Blueprints - No: 01
ඔබගේ ලොකුම හීනය ඔබටම කියලා ලස්සන නිවසක් සාදා ගැනීම කියලා අපි දන්නවා.ගොඩක් අය දුක්මහන්සියෙන් හම්බකරපු සල්ලි මේ හීනය සැබෑකරගන්න ගිහින්
නාස්තිකරගෙන තියනවා. සමහරුන්ගෙ ගෙවල් බාගෙට හදල අතැරලා දාලා තියනවා.තවත් සමහරුගෙ ගෙවල් හදලා තියෙන්නෙ හදපු බාස්ට ඕන විදිහට.දුක්මහන්සියෙන් උපයන මුදල් නිකරුනේ එක එක හොර බාස්ලට දීලා නාස්ති කරගන්න එක මහා අපරාධයක්.මම හොදටම දන්නවා සමහර පුද්ගලයො රොටියක් කාලා තේ එකක් බීලා දවසෙ වියදම අඩුකරගෙන නිවසක් හදන්න සල්ලි එකතු කරනවා.අන්තිමට කොහෙවත් ඉන්න හොර බාස් කෙනෙක්ට හම්බකරපු සේසතම දීලා නිවසෙ වැඩත් බාගෙට කරගෙන රටටම නාකි වෙවී ඉන්නවා.ඔබ හිතන විදිහට මෙතන වැරැද්ද තියෙන්නෙ කාගෙද? බාස්ගෙද ? නැහැ තනිකරම වැරැද්ද කරලා තියෙන්නෙ ඔබ.ඔබ දුක්මහන්සියෙන් හම්බකරපු මුදල් ගැන මීට වඩා කල්පනාවෙන් සැලසුම් කරන්න තිබුනා.සැලැස්මක් නැතුව කිසිමදෙයක් කරන්න හදන්න එපා.අඩුමගානෙ ඔබේ දිනචරියාව වත් සැලැස්මක් නැතුව ගෙවාදාන්න එපා.හරි අපි දැන් බලමු මේ ප්‍රශ්නයට විසදුමක් තියනවද කියලා ?
නාස්තිකරගෙන තියනවා. සමහරුන්ගෙ ගෙවල් බාගෙට හදල අතැරලා දාලා තියනවා.තවත් සමහරුගෙ ගෙවල් හදලා තියෙන්නෙ හදපු බාස්ට ඕන විදිහට.දුක්මහන්සියෙන් උපයන මුදල් නිකරුනේ එක එක හොර බාස්ලට දීලා නාස්ති කරගන්න එක මහා අපරාධයක්.මම හොදටම දන්නවා සමහර පුද්ගලයො රොටියක් කාලා තේ එකක් බීලා දවසෙ වියදම අඩුකරගෙන නිවසක් හදන්න සල්ලි එකතු කරනවා.අන්තිමට කොහෙවත් ඉන්න හොර බාස් කෙනෙක්ට හම්බකරපු සේසතම දීලා නිවසෙ වැඩත් බාගෙට කරගෙන රටටම නාකි වෙවී ඉන්නවා.ඔබ හිතන විදිහට මෙතන වැරැද්ද තියෙන්නෙ කාගෙද? බාස්ගෙද ? නැහැ තනිකරම වැරැද්ද කරලා තියෙන්නෙ ඔබ.ඔබ දුක්මහන්සියෙන් හම්බකරපු මුදල් ගැන මීට වඩා කල්පනාවෙන් සැලසුම් කරන්න තිබුනා.සැලැස්මක් නැතුව කිසිමදෙයක් කරන්න හදන්න එපා.අඩුමගානෙ ඔබේ දිනචරියාව වත් සැලැස්මක් නැතුව ගෙවාදාන්න එපා.හරි අපි දැන් බලමු මේ ප්‍රශ්නයට විසදුමක් තියනවද කියලා ?
ඔව් විසදුමක් තියනවා.ඒ තමයි නිශ්චිත සැලැස්මක් සාදා ගැනීම.කොහොමද නිශ්චිත සැලැස්මක් සාදාගන්නෙ ?
ඔබ නිවසක් සෑදීමට කලින් ඒ සදහා නිවාස සැලැස්මක් ( house plan එකක් ) ඇද ගන්නවා නේද.මෙන්න මෙතන තමයි ප්‍රදානම පොයිට් එක.ඔබ මේ පොයින්ට් එක වරද්දගත්තොත් ඔබේ නිවාස සිහිනය බොදවෙලායන්න වැඩි සම්බාවිතාවක් තියනවා.වසර 9 ක අත්දැකීමෙන් මට කියන්න පුලුවන් බහුතර පිරිසක් නිවාස සැලසුම (House plan ) සදහා වියදම් කරන්න පුදුම අකමැත්තක් තියෙන්නෙ.මට වෙලාවකට හිතාගන්නත් බැහැ ඇයි මිනිස්සු house plan එකට යන වියදම ගැන මේ තරම් ලෝබකම් කරන්නෙ කියලා.සමහරු plan එක තනියෙන් අදින්න උත්සාහ කරනවා තවත් සමහරු මාස ගනන් හොයලා හොයලා ඉතාමත් අඩු මුදලකට (රු10,000 ට 15,000 ) කාටහරි කියලා plan එකක් ඇදගන්නවා.හොදට මතක තියාගන්න ඔබ ගොඩනගන්න යන්නෙ ඔබගේ ජීවිතයේ තියන ලොකුම හීනය,ඔබගේ මහන්සියේ ප්‍රාසාදය . ලක්ෂ 80 ක් 100 වියදම් කරලා හදන්න ඉන්න නිවසේ සැලැස්ම ඔබ නිවැරදිව ඇදගත්තෙ නැත්නම් ඔබට ප්‍රශ්න රැසකට මූන දෙන්න සිද්දවෙනව . සමහරවිට ඔබගේ ජීවිතය උඩු යටිකුරු වෙන්න මේ house plan එක බලපාන්න ඉඩතියනවා.ඒ නිසා house plan එක අදින්න දෙනකොට හොද පලපුරුද්දක් තියන ( පලපුරුදු පුද්ගලයන් යනු 60 පැනලා ඉන්න සීයලා නෙමේ.හොද නිර්මාණශීලී හැකියාවන් තියන නවීන ලෝකෙට ගැලපෙන ඩිසයින් කරන තරුන කොල්ලො කෙල්ලො ඕනතරම් දැන් ගෘහනිර්මාන ක්ෂේත්රයේ ඉන්නවා.හැබැයි උන්ගෙ ගාන පොඩ්ඩක් වැඩී වැඩ සුපිරියි ) කෙනෙක්ට දෙන්න.කුනු කොල්ලෙට plan අදින තොග වෙලෙන්දන්ට මේ වැඩේ දීලා පස්සෙ පසුතැවෙන්න එපා.සමහර plan අදින මිනිස්සු ඉන්නව ඉඩම බලන්නෙවත් නැතුව ඉඩමෙ මිනින්දෝරු plan එක ඉල්ලගෙන house plan එක අදිනවා.තවත් සමහරු එකම plan එක හැම ඉඩමකටම දාලා පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා ප්‍රින්ට් කරල දීලා සල්ලි ගන්නවා.මේ වගේ හොර ඩිසයිනර්ලා ලංකාවෙ හැම තැනම ඉන්නවා.පරිස්සමෙන් ....
හරි දැන් තමයි මම ප්‍රදාන මාතෘකාවට බහින්නෙ.මෙතනින් එහාට හොද සිහිබුද්දියෙන් කියවගෙන යන්න.මම ඔයාලට කියල දෙන්නම් නිවසක් සෑදීමට බාවිතා කරන ප්‍රදාන plan වර්ග දෙකක් ගැන.
1 council approval drawing
2 working drawing
අපි මුලින්ම බලමු council approval drawing කියන්නෙ මොනවද කියලා.
මම ඉතා සරලව මෙහෙම කියන්නම් . ඔබ සෑදීමට බලාපොරොත්තු වෙන ඉදිකිරීමට, රජෙයේ අනුමැතිය ගැනීම සදහා අපි ඉදිරිපත් කරන drawing set එක තමයි council approval drawing එක කියල කියන්නෙ.අපි මේකට ප්‍රදාන වශයෙන් ඇතුලත් කරන්නෙ නිවසේ
1 Floor plans
2 sections
3 Elevations
පමනයි.ලංකාවෙ මිනිස්සුන්ගෙන් 99.99% ක්ම මේ ප්‍රාදේශීය සභා අනුමැතිය සදහා ඉදිරිපත් කරන plans තමයි නිවස ඉදිකිරීමට යොදාගන්නෙ.මම ඒකෙ වැරැද්දක් දකින්නෙ නැහැ.නමුත් ඔබ සෑදීමට බලාපොරොත්තු වෙන නිවස තරමක් සංකීර්ණ එකක් නම් ඔබට කිසිවිටෙකත් මම drawings මගින් එම කාර්යය සාර්ථකව කරගන්න ලැබෙන්නෙ නැහැ.ඔබ සෑදීමට බලාපොරොත්තු වෙන නිවස සරල කුඩා ප්‍රමානයේ නිවසක් නම් ඔබට අපහසුවකින් තොරව මම council approval drawings බාවිතා කරලා ඔබේ ඉදිකිරීම කරගන්න පුලුවන් .
හරි දැන් අපි බලමු working Drawings කියන්නේ මොනවද කියලා
මම මේ ලිපිය ලියන්න ගත්තෙම මෙම working drawings වල වටිනාකම ගැන ඔයාලට කියල දෙන්න.දැන් ඔයාලා දන්නව ප්‍රාදේශීය සභා අනුමැතිය සදහා බාවිතා කරන drawings වල අපි යොදන්නෙ floor plans, sections සහා elevations විතරයි කියලා.නමුත් working drawing සෙට් එකකට අපි drawing වර්ග 12 ක් ලබා දෙනවා.මම එම drawing list එක පහතින් දාන්නම්.
1 setting out plan
2 floor plan
3 section
4 elevation
5 roof plan
6 electrical layout
7 toilet detail layout
8 tile layout
9 door and window layout
10 service layout
11 down pipe position layout
12 rainwater layout
දැන් ඔයාලට පැහැදිලි ඇති council drawing වලයි working drawing වලයි අතර වෙනස.ඔබ සෑදීමට බලාපොරොත්තු වන නිවස තරමක් සංකීර්ණ නම් අනිවාර්යයෙන් ඔබ ඔබගේ ගෘහනිර්මාන ශිල්පීයා ලවා මෙම working drawing set එක කරගන්න බලන්න.ඔබ සෑදීමට බලාපොරොත්තු වෙන නිවස වෙනුවෙන් ඔබ වැය කිරීමට බලාපොරොත්තු වන මුදල තරමක් වැඩිනම් ඔබ අනිවාර්යයෙන් මෙම working drawing set එක කරගන්න එක ගොඩක් වටිනවා.නිවස ඉදිකිරීම ආරම්භයේ සිට අවසානය දක්වා අවශ්‍ය වන සියලුම details මෙම drawing set එක තුල අන්තර්ගත වෙලා තියනවා.මෙම working drawing set එක සදහා යම්කිසි මුදලක් වියදම් කිරීමට සිදුවුවත් එම මුදලට වඩා සියගුනයක් ප්‍රතිලාභයක් ඔබට අනිවාර්යයෙන් ලැබෙනවා.නිවස ඉදිකිරීමට ප්‍රතමයෙන් මුලු නිවසෙම පැහැදිලි සැලැස්ම( ඔබේ නිවසේ වහලයට වැටෙන වැහි වතුර,ඉඩම හරහා පාරට හෝ වැහි වතුර බදුනකට යන පාත් එක පවා) ඔබේ අත උඩ තියාගෙන තමයි ඔබ නිවස ඉදිකිරීම ආරම්භ කරන්නෙ.උදාහරණයක් විදිහට ,ඔබ නිවසට ටයිල් තෝරන්න යනවිට tile layout එක අරගෙන යන්න පුලුවන් . Tile layout එකේ ,නිවස තුල සෑම ප්‍රදේශයකම වර්ගඵලය වෙන වෙනම් සදහන් කර තිබෙනවා.ඔබේ නිවසට අවශ්‍ය ප්‍රමාණයට ( අඩුත් නැතිව වැඩිත් නැතිව ) tile ටික මිලදී ගන්න පුලුවන්.තවද tile බාස්ට payment කරන විටත් ඔහුට ඔබව අන්දන්න බැහැ.ඔබේ අතේ මුලු ගෙදරම වර්ගඵලය වෙන වෙනම තියනවා.මේ වගේ ඉතා විශාල වටිනාකමක් මෙම working drawing set එකේ තියනවා.මම එක උදාහරණයක් කියන්නම්.මම දන්න තැනක council drawings පමනක් බාවිතා කරලා ගෙයක් හැදුවා.ඒ ගෙදර හදපු බාස් ටිකක් කොටයි.මේ යකා කුස්සියෙ සින්ක් එක තියන කොන්ක්‍රීට් එක දාලා තියෙන්නෙ මිනිහගෙ උසට සෙට් වෙන විදිහට.කරුමෙ කියන්නෙ මේ ගෙදරට පදිංචියට ආපු මිනිස්සු සාමාන්‍ය උස අය.දැන් ඒ මිනිස්සු වලන් හෝදන්නෙ කොදු කඩාගෙන.හැමදාම වගේ ඒ ගෙදර මිනිස්සු අර බාස්ගෙ අම්මව මතක්කරනවා.ඒ නිසා පොඩි මුදලක් වෙනුවෙන් ලොකු අවදානමක් ගන්න එපා.පිටරට ඉන්න ඔයාලට මේ working drawing set එක කියන්නෙ නිදානයක් වගේ වටින දෙයක්.ඔබ ලංකාවෙ නැති වුනත් මෙම working drawing set එක නිවස ඉදිකරන ආයතනයට හෝ බාස්ට ලබාදී මේ drawing set එකේ තියන විදිහට තමයි වැඩේ වෙන්න ඕනේ කියලා සම්පූර්ණ වගකීම ඉදිකිරීම් ආයතනයට දෙන්න පුලුවන් . එතකොට එයාලා බැදිලා ඉන්නවා ඔයාගෙ මේ වැඩේ වෙන්න ඕනෙ විදිහට කරලා දෙන්න.ඔබට තියෙන්නෙ ඔබේ පවුලෙ කෙනෙක් ඉදලා හිටලා site එකට යවන වැඩේ විතරයි .මේ ක්රමේදී එයාලට ඕන ඕන විදිහට වැඩ කරන්න බැහැ.working drawing set එක මගින් එයාලට A to Z අපි වැඩේ පවරලා ඉවරයි .මෙම working drawings වල වටිනාකම පිටරට ඉදන් ගෙවල් හදන අයට විතරක් නෙමෙයි ලංකාවෙ ඉදන් ගෙවල් හදන්න බලාපොරොත්තු වෙන අයටත් ගොඩක් වටිනවා.
මම මේ වගේ දිගටම ඔයාලට ලියන්නම්.working drawings set එකේ තියන drawings 12 ගැන වෙන වෙනම විස්තර කරලා මම වෙනම ලිපියක් මගේ page එකේ දාන්නම්.අපිත් එක්ක දිගටම ඉන්න.
Comments
Post a Comment